Colombo Today Local News

බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදී

ලන්ඩනයේ ක්‍රියාත්මක වන ” ‘සැමට ප්‍රජාතන්ත්‍රවාදය’ සදහා වූ සංවිධානය එංගලන්ත කණ්ඩායම (DFAUK)” විසින් අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන මහා බෝධි පුජා පින්කමක් පිලිබදව colombo today වෙත වාර්තා කර සිටියා.

!!! අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන මහා බෝධි පුජාව!!!
(LONDON – UNITED KINGDOM)

“”තම ජිවිත දෙවනු කොට සලකමින් , රටේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් වරෙක තම ජිවිත ආශාවන් පවා අත හැරමින් හමුදා බුද්ධි අංශ යට ජවයක් දෙමින් , රණවිරු කර්නල් මුතාලිෆ් ට ගේ අකල් වියෝවෙන් වූ අඩුව පිරවීමට අපේ රටේ පිනට පහලවූ බුද්ධි අංශ නායකයින් ඇතුළු බුද්ධි අංශයේ කිහිප දෙනෙකු පසුගිය දා අත් අඩංගුවට ගෙන පවතින නිතිය තම අතට ගෙන රටට ඉතා වටිනා සම්පතක් වූ මේ රණවිරුවන් රදවා තබා ගැනුනේ, ඊනියා දේශපාලුවන්ගේ අදුර දර්ශි අමන වැඩ වලට උඩගෙඩි දෙමින් ජාතික ආරක්ෂාව ලගු කොට තම මඩිය තරකර ගනිමින් දේශපාලුවන්ගේ බත්බුදින අතුරුගිරිය මහා බුද්ධි අංශය පාවාදීමේ දෙවන අදියර ආරැබූ යුධ හමුදා වේ අතලොස්සක් වූ අමන නිලධාරීන්ගේ උපදෙස් මතය.

දැනට අත්අඩංගුවේ පසුවන තම රාජකාරියේ ආරක්ෂාව තරකරනු වස්, පදක්කම් නොපෑලදූ එහෙත් යුදහමුදාවේ එදා මෙදා තුර ඇති ඉහලම පදක්කම් වලින් සම්මනා ලබන්නට ඉහලින්ම සුදුස්සන් වූ අපේ මේ සොයුරන්ගේ කායික සහ මානසික චිර ජීවනය හා ඉක්මන් නිදස ප්‍රර්ථනා කරනු වස් කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මහා විහාරයේදී පැවැත්වීමට සුදානම් වන බෝධි පුජා වැඩසටහනට ලබන මස 11 දින සවස 4 ට සහ බාගීවන මෙන් රට ජාතියේ ආරක්ෂාව අගයන සියලු දේශ මාමක ශ්‍රී ලාංකිකයිගෙන් ඉල්ලා සිටිමු. “”

‘සැමට ප්‍රජාතන්ත්‍රවාදය’ සදහා වූ සංවිධානය එංගලන්ත කණ්ඩායම (DFAUK)

Related posts

“2017 තීරණාත්මකයි“ රටට වෙන දේ ගැන ප්‍රකට ජෝතිශවේදියෙකුගෙන් අනාවැකි (Video)

colombotoday

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වනවා – ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Admin

“කවුරු විරුද්ධ වුණත්, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාමයි“ අගමැති දැඩි තීරණයක

colombotoday

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

බාලදක්ෂ ජම්බෝරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කොරියාවට ළඟාවෙයි..

Admin