Colombo Today Local News

බැඳුම්කරේට ඉදිරියේදී තවත් නඩු වැටේ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරි කාලය තුළ නඩු කිහිපයක්ම පැවරීමට රජයේ නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ‘දිවයින’පුවත් පත වාර්තා කර ඇත.

මේ යටතේ පවරන පළමු බැඳුම්කර නඩුව මසක් ඇතුළත පැවරීමට නියමිතව ඇති බවද දැන ගන්නට ඇත.

ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මෙම වංචාව නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට රු. බිලියන දහසක (රු. ටි්‍රලියනයක) පමණ අති විශාල පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

මේ කූප්‍රකට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පියවර කිහිපයක් යටතේ නඩු පැවරෙන අතර ඒ යටතේ පවරන පළමු නඩුව 2015 පෙබරවාරි 27 දින සිදුවූ ආන්දෝලනාත්මක පළමු බැඳුම්කර වෙන්දේසියට අදාළව පැවරෙන බවද රජයේ නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මෙම බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට බොහෝ සේ අවසන්ව ඇති අතර මේ අනුව එම නඩුව මාසයක කාලයක් ඇතුළත පැවරීමට හැකිවනු ඇති බවත් එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දැනට උසාවියෙන් වරෙන්තු ලබා නීතිමය ක්‍රියාවලියට ඉදිරිපත් නොවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පර්පෙචුවල් ටේ‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පැවරීමට යන බවද රජයේ නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් ‘දිවයින’ට වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ නිර්දේශ හරිහැටි ක්‍රියාත්මක නොවීම ගැන ජන සමාජයේ කතාබහට ලක්විය. එම වංචාවන්ට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගත යුතු බවට එම කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කරනු ලැබ තිබිණි.

Related posts

තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියාත් ගෙල වැලලා ගනී

colombotoday

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

රාජ්‍ය ආයතනවලින් ජනපති අගමැති පින්තූර ඉවතට, රාජ්‍ය ලාංඡනය පමණයි – වෙනසකට මුලපුරමින් නව ජනපති පළමු නියෝගය දෙයි

colombotoday

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

Admin

කොරෝනා වැළදුණු ලාංකිකයා අවසන්වරට ආ ගිය තැන්, නැවතුණු හෝටල් විස්තරය මෙන්න !

colombotoday