Colombo Today Local News

බැදුම්කර වාර්තාවේ හංගපු නම් ටික එළියට….

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය ඇතුළතදී එළිදක්වමින් එහි සියලුම තොරතුරු රටට හෙළි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව සංහිඳියා, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ එක්තරා කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ කොටස ඇතුළු සමස්ත පරීක්ෂණ වාර්තාව තවත් සතියක් ඇතුළත රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද කොටසේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසකගේ නම් සඳහන් වී තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් සම්පූර්ණ වාර්තාව එළිදැක්වීමෙන් අනතුරුව මෙම බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ වූ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සමඟ සම්බන්ධකම් පැවැත් වූ සියලුම දෙනාගේ තොරතුරු රටේ පොදු මහජනතාවට දැනගත හැකි බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

මෙම ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු මීට වඩා පුළුල් ආකාරයෙන් සිදුකළ හැකි බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– mawbima

Related posts

ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ මාධ්‍ය ලේකම් භික්ෂූන් වහන්සේලාට අපහාස කරයි

colombotoday

යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්

Admin

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

colombotoday

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday

මාලිමා මන්ත්‍රීලට විරෝධය පෑ අය අත්අඩංගුවට

Admin

පනත සම්මත කිරීම ගැන ඇමරිකාව ප්‍රීතියෙන් පිනා යයි.. රාජ්‍යතාන්ත්‍රික සුබ පැතුම් තුනක් එවයි !

colombotoday