Colombo Today Local News

බස්නාහිර පළාතේ පැය 24ක මෙහෙයුමකින් සැකකරුවන් 400ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවි‍ධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයින් 330 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 72 කු ද අත්අඩංගුවට පත්ව තිබුණි.

එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 143 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 108 යි මිලිග්‍රෑම් 48 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී කොකේන් ග්‍රෑම් 36 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

ජාතිවාදය කතා කරන අය හිරේ යවන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට

colombotoday

ප්‍රේමලාල් ජයසේකරගේ මරණ දඬුවම: ඉරණම තීන්දු කෙරෙන අභියාචනා තීන්දුව මාර්තු මස 31

colombotoday

ලංගම බස් රථයක ගමන්කර කොවිඩ් ආසාදනය වුනොත් වන්දි

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin

ෆෙංගල් ශ්‍රී ලංකාවට ඇතුළු වේ

Admin

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

colombotoday