Colombo Today Local News

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

ඇල්පිටිය විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත බලපිටිය මිගෙට්ටුවත්ත ප්‍රදේශයේ කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

නිවස තුළ තිබී පැකට් කරන ලද හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 250ක් සොයා ගෙන තිබේ.

ඒ සමග අත්අඩංගුවට ගත් කාන්තාව සිව්දරු මවක් වන අතර ඇයව අද (26)දින බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, ඇල්පිටිය විශේෂ විමර්ශන ඒකකය විසින් කරන්දෙණිය ප්‍රදේශයේ දී හෙරොයින් සමග පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් එක් සැකකරුවෙකුගෙන් ලද හෝඩුවාවක් මත නිවසක ගෙවත්තේ පඳුරක් යට සඟවා තිබූ මත්කුඩු පාර්සලයක් ද සොයා ගෙන තිබේ.

එහි හෙරොයින් ග්‍රෑම් 5ක් තිබී හමුවී ඇත.

ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රාජ්‍ය වෙසක් උත්සවයත් අත්හිටුවයි

colombotoday

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

colombotoday

හමුදා පොලිස් සෙබලෙක් අයිස් සමග අත්අඩංගුවට

Admin

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

මත්පැන්හල් වහන්න නියෝගයක්

colombotoday

නිවසේදී මියගිහින් රෝහලට රැගෙන ආ මළ සිරුරක් අතුරුදන්

colombotoday