Colombo Today Local News

බදුල්ල ගුරුවරිය දණගැස්වීම: මානව හිමිකම් නිර්දේශ අත්හිටුවයි

මේ වසර මුලදී ඌව ප්‍ර‍ධාන අමාත්‍යවරයා බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණින් හිඳුවා, තර්ජනය කර ප්‍ර‍කාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණ නිමවා එළැඹි නිර්දේශ ලබා දීම අත්හිටුවා තිබේ.

ඌව මහ ඇමැති මහ ඇමැති චාමර සම්පත් දසනායක විසින් ජනවාරි මාසයේ දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි රඝුනාත් භවානිට කරන ලද අඩන්තේට්ටම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය  සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර තිබුනි.

එම පැමිණිළි සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණය අවසන් කොට නිර්දේශද අනුමත වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

පැමිණිළි පාර්ශවය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවට කරුණු වාර්තා වීම හේතුකොටගෙන මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිර්දේශය ලබා දීම අත්හිටුවා ඇති බව එහි වැඩ බලන ලේකම් ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

චෝදනාවට ලක්වන ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ යන අයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සිතාසි නිකුත් කර තිබුනි.

ඔවුනට අමතරව බදුල්ල පොලිස් ස්ථානාධිපතිටත් පළාත් සභාවේ සේවය කරන පාලිත ආරියවංශ, ප්‍රසන්න පත්මසිරි, අමිල ක්‍රිෂාන්ත රත්නායක යන මාධ්‍යවේදීන්ටත්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කැඳවා තිබුනි.

ශ්‍රේෂ්ඨාධිකරණය යම් විමසීමක් කරන්නේ නම්, පරීක්ෂණය පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවට කොමිසම සහතික වෙයි.

Related posts

තිළිණ ගමගේට නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නැහැ

colombotoday

“බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා, ජාතිවාදී වැඩ කරා.. අදත් ඒකම කරනවා” – ඇමති රංගේ

colombotoday

පොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක්

colombotoday

හමුදාපතිට තවත් තනතුරක් !

colombotoday

අගමැති ඉල්ලීමට ජනපති එකගයි.. හමුදාපතිට සේවා දිගුවක් දෙයි.. හමුදාව ඇතුලෙන්ම විරෝධයක්!

colombotoday

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

colombotoday