Colombo Today Local News

බදුර්දීන්, පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධය ගැන තවත් සාක්‍ෂි සොයා ගැනේ !

2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කර වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා පත්කල ජනාධිපති විමර්ශන කොමිසන් සභාව දිරියේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත දක්වන ලද අදහස්

‘පාස්කු ප්‍රහාරයට රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිතුමාගේ තිබිය හැකි සම්බන්ධය ගැන තොරතුරු අරගෙන අප දැන් දීර්ඝ කාලයක් තිස්සේ කමිටු ඉදිරියට, ජනාධිපති කොමිෂන් සභා ඉදිරියට ගොස් රස්තියාදු වෙනවා. ඒ අපට වෙන වැඩ නැති නිසා නොවෙයි. නාස්ති කරන්න මුදල් තියෙන නිසාත් නොවෙයි.. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිතුමා සමඟ තියෙන පෞද්ගලික තරහකට වත් නොවෙයි.

අප මතක තබා ගත යුතු දේ තමයි හේතුවට බෙහෙත් කරනවා මිස පලයට බෙහෙත් කරලා වැඩක් නැහැ. සහරාන්ලා බිහි කරපු, පෝෂණය කරපු, ආරක්ෂා කරපු, රිෂාඩ් බදියුඩීන්ට රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්නම් මේ සහරාන්ලා අල්ලා හිරේ දැම්මත්, මරණ දඬුවම දුන්නත් අනාගතයේ තව තවත් සහරාන්ලා බිහි වෙන එක නතර කරන්නට බැහැ.

ඒ නිසා මෙය පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නයක් විතරක්ම නොවේ. මිලියන විසි දෙකකට ආසන්න මේ රටේ ජීවත්වන ජනතාවගේ ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක්. රිෂාඩ් බදියුඩීන් කියන්නේ ආණ්ඩුව නිල් පාට, රතු පාට, කොළ පාට, මොන පාට උනත් ඒ ඕනෑම ආණ්ඩුවක ස්ථාවර අමාත්‍යධූරයක් දරපු කෙනෙක්.

නමුත් මෙවර අපට හැකියාව ලැබුණා බදියුඩීන් ආණ්ඩුවට එකතු වීම වලක්වා ගන්න. ඒ නිසා කිසිම බලපෑමකින් තොරව ඔහු පිළිබඳව විමර්ශන කරලා ඔහුට නිසි දඬුවම් ලබා දෙන්න වත්මන් ආණ්ඩුව කටයුතු කරාවි කියන විශ්වාසයෙන් තමයි අප නැවත වතාවක් ජනපති කොමිසම ඉදිරියේ පෙනී සිටියේ. වසර පහක් රට කෑ අයට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙනවද කියන එක ගැන අපි විමසිල්ලෙන් බලාගෙන සිටිනවා.

ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඇතුළේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් දීම වෙනුවෙන් අප තදින්ම පෙනී සිටිනවා. ජනතාව වගේම අපත් ඉන්නේ විමසිල්ලෙන්.

– අරවින්ද අතුකෝරල

Related posts

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර දේශපාලනික හා ආගමික බලපෑම් සිද්ද වෙලා – යුරෝපා සංගමය පවසයි.

colombotoday

එක වාහනයයි මාදිවෙල නිවාසයයි තිබුනොත් ඇති

Admin

ආණ්ඩුවට ජනසටන් භීතිකාව හැදිලා.. 28ට පෙර 7ක් ඇතුළට යවන්න සූදානම්

colombotoday