Colombo Today Local News

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඔක්තෝබර් මස 22 දා යළි කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (10)දින නියෝග කළා.

ඒ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන 24 ක් පමණ වටිනා ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකසා ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

මෙම ව්‍යාජ ඔප්පු වලට අදාළ ලේඛන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට ප්‍රශ්නගත ලේඛන පරික්ෂා කිරීමේ පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

එහි වාර්ථා මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට දැනුම් දෙන ලදි.

සැකකරුවන් මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.

Related posts

” ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම් “

colombotoday

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Admin

“පන්සල් ඉවත් කරනු.. සිංහලයන් පන්නනු.. සටනට සැරසෙනු !“ – උතුරේ සංහිදියා අත්පත්‍රිකා

colombotoday

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවල නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday