Colombo Today Local News

බදියුදීන්ගේ කට වසමින් ඇමරිකන් ගිණුම ගැන පොලිසියට පැමිණිලේ කෙරේ

රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ඇමෙරිකානු ගිණුමකට නීති විරෝධීව මුදල් බැරවීම පිළිබඳව පොලිස් මූලස්තානය වෙත පැමිණිලි කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් විසින් මෙම පැමිණිල්ල කර ඇත.

අදාල පැමිණිල්ල මෙහි දැක්වෙි.

වැ.බ. පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
ශ්‍රී ලංකා පොලීසිය,
කොටුව.

රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ඇමෙරිකානු ගිණුමකට නීති විරෝධීව මුදල් බැරවීම පිළිබඳව පැමිණිලි කිරීම

2018 ඔක්තෝබර් 26 හා දෙසැම්බර් 16 වැනිදා අතර කාලය තුළ එවකට කර්මාන්ත හා වාණිජ අමාත්‍ය මෙන්ම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක ද වූ රිෂාඞ් බදියුදීන් මහතාට අයත් ඇමෙරිකා එක්සත් ජනපද බැංකු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක් බැර වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එසේම තවත් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක් එම ගිණුමට බැර වීම එක්සත් ජනපදයේ ත්‍ඊෂ ආයතනය විසින් නතර කළ බවට ද අනාවරණය වී ඇත. මේ කරුණු මේ වන විට මාධ්‍ය වෙතින් ද අනාවරණය වී තිබේ.

රිෂාඞ් බදියුදීන් මහතාට ගෙවී ගිය කාලය තුළ එල්ල වී ඇති බරපතළ චෝදනා සහ ඔහුට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ආදිය කෙරෙහි අවධානය යොමු කරන විට ඉහත මුදල් ගනුදෙනුව පිළිබඳව මා තුළ බරපතළ සැකයක් ඇතිව තිබේ. ඔහුට එරෙහි බොහෝ චෝදනා මේ රටෙහි ජාතික ආරක්ෂාව හා බැදී තිබේ. මහජන යහපත උදෙසා මෙවැනි චෝදනා පිළිබඳව කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බව මහජන නියෝජිතයකු ලෙස මා විශ්වාස කරමි.

එමෙන්ම රිෂාඞ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ ඇමෙරිකානු ගිණුමට මුදල් බැරවීම පිළිබඳව කඩිනමින් විමර්ශනය සඳහා මාගේ උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරමි. මෙම පැමිණිල්ලේ ඇති ජාතික වැදගත්කම සලකා වැඩ බලන පොලිස්පතිවරයා වන ඔබතුමන් වෙතම පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.

මොහොමඞ් මුසම්මිල්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Related posts

ගෝල් ෆේස් ප්‍රහාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා. අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin

ගුවන්යානා, බුල්ඩෝසර්, දියමන්ති වැට් බද්දෙන් නිදහස්.. වැට් නොවදින භාණ්ඩ ලයිස්තුව මෙන්න

colombotoday

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

colombotoday

එන පොට හරි නෑ.. යනඑන මං නෑ.. ෆොන්සේකා අලියාටම හේත්තු වෙයි

colombotoday

නොරෝච්චෝලෙන් යලි විදුලිය

colombotoday