Colombo Today Local NewsHot News

බදියුදීන් මුලතිව් මහ වනයත් දෙපළු කරයි. අක්කර 600ක් දැනටමත් ඉවරයි – අපේ අයට යන එන මං නෑ TNA කියයි

අමාත්‍ය රිෂාඩ් බදිඋද්දීන්ගේ මෙහෙයවීමෙන් මුලතිව්, වන්නිමඩු රක්ෂිතයේ කොන්ඩියාකූප්පම් කොටසේ දැවැන්ත වන විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා. මේ වන විට අක්කර 600කට වැඩි ප්‍රමාණයක් හෙළි කර කර ඇති අතර හෙළි කළ කොටසේ ඉඩම් කට්ටි කර පිටතින් ගෙන්වන ලද පිරිස් පදිංචි කර ඇති බවත් වාර්තා වනවා. අප සමග අදහස් දක්වමින් උතුරු පළාත් ඉඩම් අමාත්‍ය ටී රවිකරන් කියා සිටියේ බදිඋද්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් ඔහුගේ සමීප ආධාරකරුවන් දෙදෙනෙක් විසින් මෙම වන විනාශ්‍ය මෙහෙයවන බවයි. මෙම ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි කර ඇත්තේ ඉඩම් අහිමි පුද්ගලයන් නොවන බවත් පිටතින් ගෙන්වන ලද මුස්ලිම් අය පමණක් පදිංචි කරවමින් දැවැන්ත ආක්‍රමණයක් සිදු කරමින් පවතින බවත් ඔහු පවසනවා.

“මොවුන් ඉඩම් මංකොල්ල කනවා, දැව ජාවාරම් කරනවා, වනය විනාශ කරනවා, තමන්ගේ හිතු මනාපෙට මුස්ලිම් අයට පමණක් ඉඩම් බෙදා දෙනවා. ඒත් රජයේ නිලධාරීන් මේ මොනවත් දන්නේ නැහැ. දරටවත් දෙමළ මනුස්සයෙකුට ගසක් කපන්න ඉඩක් නැහැ. නමුත් මොවුන් අක්කර 600ක් වන විනාශය කරනකන් කවුරුත් එයට එරෙහි වෙලා නෑ. මේ විනාශය මෙහෙයවන්නේ රිෂාඩ් බදිඋද්දීන්ගේ ප්‍රබලම ආධාර කරුවන් දෙදෙනෙක්. ඇමතිවරයා මෙයට සෘජුවම සම්බන්ධයි“ යනුවෙන් ද ඔහු පැවසීය.

වන විනාශය මහා අපරාධයක් බව පවසන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා අක්කර 600 ක් වනය විනාශ කළ බදුඋද්දීන් ප්‍රමුඛ ඔහුගේ අන්තවාදී ආධාරකරුවන්ට දෙන දඩුවම කුමක්දැයි ඔහු විමසා සිටිනවා. අවතැන් වූ ද්‍රවිඩ ජනතාවගෙන් වැඩි පිරිසකට තවමත් ඉඩම් ලැබී නොතිබිය දී වනාන්තරය විනාශ කර පිටතින් ගෙන්වන මුස්ලිම් පිරිස් බලහත්කාරයෙන් පදිංචි කරමින් කරන ඉඩම් මංකොල්ලයට එරෙහිව සටන් කරන බවද ඔහු පවසනවා.

Related posts

මා හමුදා සෙබළුන් ඝාතනය කළා ඒක හැමෝම දන්න ඇත්තක් නමුත් මා අත්අඩංගුවට ගන්න බෑ..මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ

colombotoday

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

colombotoday

හිත හොඳ ගෑණු පාර්ලිමේන්තුවට පටිසෝතගාමී වීම – 1 කොටස

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න, FCID ය ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලයි

colombotoday

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday