Colombo Today Local News

බංගලි අරගලකරුවෝ හතුරුසිංහ එළවා දමයි

බංග්ලාදේශයේ ඇතිවූ අරගලකාරී තත්ත්වය මත හිටපු ක්‍රිකට් සභාපති නස්මුල් හසන් මහතා ඉල්ලා අස්වූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් මහතා මෙයට සතියකට පමණ පෙර බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත්වීම ලබා ගත්තේය.

නව සභාපතිවරයා සිය පළමු මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ චන්දික හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ යුතු බවයි. චන්දික හතුරුසිංහ හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුම අනුව ඔහු 2025 චැම්පියන් කුසලාන තරගාවලිය දක්වා කටයුතු කළ යුතු වුවද, සභාපතිවරයාගේ අදහස අනුව ඔහු ඉදිරි දින කිහිපයේදී තනතුරෙන් ඉවත් විය යුතු බවය.

වසර 2017දී හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පිල අමාරුවේ දමා හදිසියේම පිටත්ව ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ බව ක්‍රිකට් සභාපතිවරයා සිහිපත් කළේය

Related posts

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර සියයකට වඩා හානී

colombotoday

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

කෝවිඞ් වසංගතයෙන්, මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක වටිනාකම සනාථ කළ බව ජනපති පෙන්වා දෙයි

colombotoday

කතරගම රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට

Admin

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday