Colombo Today Local News

පෝසත් බබාලා වේලාසනම බදු ගෙවන්න පුරුදු වෙන්න ඕන – ළමා ඉතුරුම් ගිණුමට ගහපු අලුත් බද්ද ගැන ඇමති මංගල කියන කතාව

මාසික පොලිය රු.5000 ක් ඉක්මවන සෑම ළමා ඉතුරුම් ගිණුමක් සඳහාම 5 %ක බද්ධක් අයකරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඒ (13) මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

මෙහිදී ඔහු පැවසුවේ මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන ගණුදෙනු සඳහා 1%ක අනිවාර්ය බද්දක් පැනවෙන බවයි.

ළමා ඉතුරුම් බද්ද පිළිබඳව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙලෙස ප්‍රකාශ කළා.

“සාමාන්‍යයෙන් මාසික පොලිය 5000ක් වෙන්න නම්  ගිණුමේ ලක්ෂ 12ක් වත් තියෙන්න ඕනේ.එහෙම තියෙනවා කියන්නේ ඉතින් දෙමාපියන්ට සල්ලි තියෙනවා කියන එක.ඒ නිසා පොහොසත් බබාලා වේලාසන ඉඳලම බදු ගෙවන්න පුරුදුවෙන එක හොඳයි.මොකද දැන් ඉන්න ලොකු පොහොසත් බබාලත් හරියට බදු ගෙවන්නේ නැනේ.”

Related posts

උද්ධමනය ඉහළට…

colombotoday

එස්.බී දිසානායකට අල්සයිමා ලෙඩේ හැදිලා

colombotoday

බදියුදීන් සහ කිරිඇල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

colombotoday

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday

අන්තර් පළාත් දුම්රිය සේවා පටන් ගන්නා දිනය මෙන්න.

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday