Colombo Today Local News

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් හා සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇ‍ත.

අත්අඩංගුවට ගත් බාලයවස්කාර දැරියක් පරිවාස බාරයට පත්කිරීමට නියෝග කර ඇත.

ඊයේ (09)දින පෙරවරුවේ බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගංජා ජාවාරමකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අටලුගම, මාරාව ප්‍රදේශයේ නිවසක වැටලීමක් සිදුකර තිබූ අතර එහිදී එම නිවසේ සිටි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කර තිබුණි.

පහරකෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, කාන්තා සැරයන්වරියක් සහ කාන්තා කොස්තාපල්වරියක් තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළව ඊයේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ රාත්‍රියේ තවත් දෙදෙනෙකු පොලීසියට බාරවී තිබුණි.

Related posts

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් පැමිණි වෑන් රථය සොයාගනී

Admin

නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

colombotoday

ජනපතිගේ ඉල්ලීම් තුනක් මනෝ ගනේෂන් ඉවත දමයි….

colombotoday

49 වන ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

colombotoday

ව්‍යවස්ථා මරඋගුල එරෙහිව මහ සග සමුළුවක් කැදවයි.. සියලු දේශප්‍රේමීන් එකම වේදිකාවකට !

colombotoday