Colombo Today Local News

පොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක්

ස්කොට්ලන්යාඩ් පොලිසිය විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක් වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ලබන 29 වැනිදා ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම පුහුණුව ලබන මස 01 වැනි දින සිට 06 වැනි දින දක්වා පැවැත්වෙන අතර ඒ සදහා රාජ්‍ය පාරිපාලන සහ නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණඩාර, එම අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පුජිත් ජයසුන්දර, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මාලිකා සුරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් මේ සදහා සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය රජෙයන් ශ්‍රී ලංකා පොලිසියට කළ ඇරයුමකට අනුව මෙම පිරිස වැඩමුළුවට සහභාගි වන අතර ශ්‍රී ලංකා පොලිසියේ ප‍්‍රතිසංස්කරන කටයුතු හා ප‍්‍රජා පොලිස් ඒකකය බලගැන්වීම සදහා මෙම වැඩමුළුව පැවැත්වෙන් බව පැවසේ.

පොලිස්පත් පූජිත ජයසුන්දර මහතාගේ ගිණුමකට ප්‍රසිද්ධ පාසලකින් මුදල් ලැබීම සම්බන්ධයෙන් සහ පොලිස්පතිවරයා ලෙස ඔහුගේ ප්‍රශ්නසහගත හැසිරීම සම්බන්ධයෙන් ඔහුට සමාජයෙන් දැඩි චෝදනා එල්ලවී තිබේ.

Related posts

හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන ඇමතිලා මෙන්න.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

colombotoday

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි

colombotoday

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න : මැතිවරණ කොමිෂමෙන් දැනුම් දෙයි

colombotoday

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් ලංකාවට පිටුවහල් කරයි !

colombotoday

මහින්දට එරෙහිව දැමූ පෙත්සම රනිල් ඉල්ලා අස්කරගනී…

colombotoday