Colombo Today Local News

පොලිස් ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් හොරට හදලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ ලෙස සැකසු නිල මුද්‍රා සමග නීති විරෝධී කච්චේරියක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් කොළඹ දකුණු කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු නාරාහේන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමග අත්අඩංගුවට ගත් අනෙකුත් නිල මුද්‍රා අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ, සාම විනිසුරුවරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ග්‍රාම නිලධාරීන්ගේ නිල මුද්‍රා හා පොලිස් ස්ථානවලින් නිකුත් කරන පැමිණිලි පිටපත්වල ඡායා පිටපත් කිහිපයක්, ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත් ඡායා පිටපත් කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

දකුණු කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත විවිධ අවශ්‍යතාවයන් සඳහා පැමිණෙන පුද්ගලයන් වෙත රාජ්‍ය ආයතනවලින් ලබා ගැනීමට තිබෙන ලිපි ලේඛන රුපියල් 2000 සිට ඉහළ මිල ගණන් අයකර ව්‍යාජ ලෙස සකසා දෙන බවට මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

49 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලීසියට බාර දීමට නියමිතය.

Related posts

රන්ජන් ඇමරිකාවේ බැංකුවකට පොලු තියලා… අත්අඩංගුවට ගතයුතු පුද්ගලයෙකු යැයි නම් කරයි

colombotoday

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

Admin

උතුරෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් ගැන විමල්ගෙන්, දිනේෂ්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි !

colombotoday

ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

colombotoday