Colombo Today Local NewsTop Stories

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීම. කොටින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණිල්ලක්

කොටි සංවිධානය විසින් පොලිස් නිලධාරීන් 600 දෙනකු සමූල ඝාතනය කිරීමේ සිද්ධිය යුද අපරාධයක් ලෙසට දක්වමින් මුල් වරට 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරේ.

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව වෙනුවෙන් හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වන ජනෙත් විමල ඊට අදාළ පැමිණිල්ල මානව හිමිකම් බලධාරීන් වෙත යොමු කරන බව ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් කිසිදු රජයක් මේ සමූල ඝාතනය ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර නැත.

මෙම අපරාධය ගැන මානව හිමිකම් කවුන්සිලය කැඳවීමක් කළහොත් සාක්‍ෂි දීමට සූදානම් බව නැගෙනහිර හිටපු කොටි හමුදා නායක විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) ප‍්‍රකාශ කර ඇත.

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමූ ස්ථානය ජනෙත් විමල විසින් සොයාගෙන තිබේ.

මෙම සමූල ඝාතනය සිදු කළේ ප‍්‍රභාකරන්, පොට්ටුඅම්මාන් සහ ස්වර්ණම් බව කරුණා තවදුරටත් හෙළිකර ඇත.

Related posts

අගමැති යාපනයේදී තෛපොංගල් සැමරූ හැටි – Photos

colombotoday

හිටපු ඇමැ ජයවික්‍රම පෙරේරාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට

colombotoday

නීතිඥ හිජාස් හිස්බුල්ලා හා මද්‍රාසා පාසලේ විදුහල්පති ෂකීල් යළි රිමාන්ඩ්

colombotoday

වාසුට පොල්ල තබා නිරෝශන් සජිත්ට සෙට් වෙයි

Admin

රට පුරා සිදුකළ පැය 3ක පොලිස් මෙහෙයුමකින් 3520ක් අත්අඩංගුවේ

colombotoday

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday