Colombo Today Local News

පෙත්සම් තීන්දුව කඩිනමින් දෙන්නැයි ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර ඇත.

නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හමුවේ සිය මෝසමෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් පිළිබඳ තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පුවත් පළ වී ඇති බවයි.

මෙවැනි ඉල්ලීම් කිරීම තුළින් අදාළ නඩුවේ විභාග කටයුතු වට අගතියක් සිදුවන බවයි නීතිඥ අරුණ ලක්සිරි මහතා කියා සිටින්නේය.ජනාධිපතිට මෙවැනි  ඉල්ලීමක් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටෙත් විශේෂ  අර්ථ නිරූපණයක් පිළිබද කරුණු විමසීමක් හරහා පමණක් බවද ඒම මෝසමේ සඳහන්ව ඇත.

 එම නිසා මෙම නඩුව පිළිබඳව ස්වාධීන ලෙස විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන මෙන් ද  නීතිඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත

Related posts

එක පැත්තක් විතරක් නෙවෙයි.. අද රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා – මල්වතු මහානාහිමි

colombotoday

උසස් පෙළ විභාගය පිළිබඳ විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ජුනි පළමු වැනිදා ඇරඹෙයි..

Admin

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday