Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේදී නාවික හමුදා මෙහෙයුමකින් සොයා ගනී

නාවික හමුදාව විසින් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක දී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ(06)වන දින විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමක දී බැරලයක බහා තිබූ ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක පමණ ප්‍රමාණයක් ප්‍රදේශයේ වන ලැහැබක් තුළ තිබී සොයා ගෙන ඇත.

මෙලෙස සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කරයි.

අදාල පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මඟින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇත.

Related posts

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

ආනයනික සහල් වලට 45%ක බද්දක්?

Admin

වෙඩි වැදුණු දෙමටගොඩ චමින්ද බලන්න ඥානසාර හිමි රෝහලට වඩිති

colombotoday

සුරියවැව දී ක්‍රිකට් ලෝලීන්ට සිදු වූ ප්‍රහාරයට ක්‍රීඩා ඇමති සමාව ගනියි

colombotoday

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday

කැනඩාවේන් එවූ කෝටි 8 කට අධික කුෂ් රේගුව අල්ලයි

Admin