Colombo Today Local News

පුතුගේ නිවසේ සිටි මව අභිරහස් ලෙස මිය ගිහින්

අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩහිඟුල්වල, පතිරාදවත්ත ප්‍රදේශයේ නිවසකින් හමු වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ සිය පුතා සමග පදිංචිව සිටි 62 හැවිරිදි දෙදරු මවකි.

මෙම දෙදරු මව මියගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය හාරිස්පත්තුව ගලසියපත්තුව හදිසි මරණ පරීපක්ෂක එල්.බී.ඩබ්ලිව්.සේනාරත්න මහතාට ඒ පිළිබඳ ව දන්වා තිබේ.

කෙසේ නමුත් ඇයගේ සිරුරේ බාහිර තුවාල දක්නට ලැබුණු බැවින් එය සැක සහිත මරණයක් ලෙස නිගමනය කර ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ උඩහිඟුල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි පහළ ගෙදර සීලවතී නැමැති 62 හැවිරිදි දෙදරු මවකි.

Related posts

පළමු වසරට දරුවන් භාරගැනීම අද

Admin

බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7ක් රෝහලේ…

Admin

පාසල් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි… සිසුවෙකුත් වත් සිසුවෙකුට පිහියෙන් ඇන මහමගදී මරා දමයි…

colombotoday

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට අදට මාස 3 යි…

colombotoday

මහනුවර ගණිකා මඩමක් වටලය. තිදෙනෙක් දැලේ

colombotoday

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර ආසාදිතයෙක් අම්පාරෙන් වාර්තා වෙයි

colombotoday