Colombo Today Local News

පුතාගේ විවාහයට යන්න පූජිතට අවසර නෑ !

රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඒ මහතාට ඊයේ (01) බන්ධනාගාරයෙන් අවසර ලැබී නොමැත.

ඒ මහතාගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවය ඊයේ කොළඹ හෝටලයක පැවති අතර එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් කිරීමට ඔහුට නියමිතව තිබිණි.

මෙම අවසරය ලබා ගැනීම සඳහා සැකකාර පොලිස්පතිවරයා වැලිකඩ බන්ධනාගාරයෙන් අනුමැතිය ඉල්ලා තිබුණේ මීට සති කිහිපයකට පෙරය.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතාගෙන් විමසූවිට ඒ මහතා කියාසිටියේ කිසිඳු සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට තම මව්පියන්ගේ මරණ වලට සහභාගී වීම හැරුණු විට මංගල උත්සව හෝ වෙනත් කිසිඳූ උත්සවයකට සහභාගි වීමට බන්ධනාගාර අඥා පනතේ ප්‍රතිපාදන නොමැති බවය.

Related posts

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

අගමැතියි, එජාප ඇමතිලය ඉවත්කරනවානම් ඒකාබද්ධයේ සහය ජනපතිට

colombotoday

හොරකම් කරපු දියමන්තිය ඉල්ලා බ්‍රිතාන්‍ය රැජිනට ඉන්දියාවෙන් නඩු දමයි

colombotoday

වයෝවෘද්ධ ටිකිරා ඇතින්න මහනුවර පෙරහැරට සම්බන්ධ කරගත් හේතුව කියයි

colombotoday

ගෝන මස් කිලෝ 19ක් සමඟ හමුදා සෙබළකු අල්ලයි

Admin

බස්නාහිර පළාතේ පැය 24 ක් තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 381 අත්අඩංගුවේ

colombotoday