Colombo Today Local News

පැය 24ක් තුළ දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1700ක් අත්අඩංගුවේ

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වල දී 1700කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පළමුවන දා මධ්‍යම රාත්‍රී 12.00 සිට ඊයේ (02)දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පොලිස් ස්ථාන මඟින් සිදුකළ මෙම වැටලීම්වල දී මත්ද්‍රව්‍ය, අවි ආයුධ හා නීති විරෝධී මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 789 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම කාලය තුළ දී වරෙන්තුකරුවන් 306 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ වැරදි සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 638 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.

Related posts

මේජර් ජෙනරාල්වරු 06ක් ඇතුළු හමුදාවේ 25ක් පිටරටදී අත්අඩංගුවට ගන්නැයි සූකා කියයි

colombotoday

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

2022 අයවැය යෝජනා

colombotoday

ගානියාගේ පැහැර ගැනීමේ නාටකය: කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

colombotoday

කොල්ලුපිටිය ගණිකා මඩමකදී ආණ්ඩුවේ ඇමතියෙක් පොලිසියට කොටුවෙයි.. ඇමති වෙනුවට රියදුරා කුදලන් යයි

colombotoday

යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්න

colombotoday