Colombo Today Local News

පැතිරී යන කොවිඩ් 19 වසංගතය ගැන සතුටුවන IS නායකයා සතුරන්ට උපරිමයෙන් ප්‍රහාර එල්ල කරන්න සිය අනුගාමිකයින් දැනුවත් කරයි

ලොව බටහිර රටවල් වල පැතිරී යන කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා.

IS සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන අබු හම්සා අල්-කුරේෂි විසින් පටිගත කරන ලද එම පණිවිඩය ඔවුන්ට සහය දක්වන වෙබ් අඩවියක පළ කොට තිබුණා.

” මේ වතාවේ දෙවියන් වහන්සේ ඔහුගේ අභිමතය පරිදි ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා. මෙවර එය ඔවුන්ගේ ඇසට නොපෙනෙන දෙයක්. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” IS මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර තමන්ට හැකි උපරිම ශක්තිය යොදවා සතුරන්ට සහ ඔවුන්ගේ මර්මස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කරන ලෙස IS සංවිධානයේ නායක අබු ඊබ්‍රාහිම් අල්- හෂෙම් අල් කුරේෂි සිය අනුගාමිකයින්ට දැනුම් දී තිබෙනවා.

සිය සතුරන්ට කිසිදු ලෙස බියෙන් තොරව ජිවත් වීමට ඉඩ නොතබන ලෙසද සිය පණිවිඩය මගින් වැඩිදුරටත් IS නායකයා තම අනුගාමිකයින්ට දැනුම් දී ඇත.

IS නායකයා සිය පණිවිඩය මගින් ප්‍රහාර එල්ල කළ යුතු රටවල් හෝ පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු හැඳින්වීමක් සිදුකර නොමැති බවයි ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන බටහිර බුද්ධි අංශ පෙන්වා දෙන්නේ.

-Neth news

Related posts

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin

යුද්ධය අවසන් සති දෙකෙ මම රටින් ගියේ නෑ.. කොළඹට කොටි ගහන සැලසුමක් ගැන මම දන්නෙත් නෑ – ගෝඨාභයගෙන් ජනපතිට පිළිතුරු

colombotoday

සහරාන්ගේ සගයකුට අක්කර 35 ක ඉඩමක්.. – සී.අයි.ඩී. පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිට ලිපියක්

colombotoday

පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායාම කරන ලෙස දන්වයි

Admin

සිරගත බුද්ධි රණවිරුවන් බේරා ගැනීමට මහා සත්‍යක්‍රියාවක් (29) කොට්ටාවේදී

colombotoday