Colombo Today Local News

පාස්පෝට් ගන්න රැය පහන් කරන ජනතාව

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිස එහි රැඳී සිටිනු ඊයේ (27) රාත්‍රී කාලයේද දක්නට ලැබුණි.

ඔවුන් පවසන්නේ මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා බලධාරීන් පියවර ගතයුතු බවය.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ජනතාව,

“මිනිස්සු මාර විදියට දුක් විඳින්නේ. හැමදේම සල්ලි තමා. කඩෙන් කන්න බොන්න ඕනේ. සල්ලිත් ඉවරයි. අන්තිමට පාස්පෝට් එක ගන්න දවස් තුනක් විතර යනවා. ටෝකන් දෙන කතාවක් කියනවා කොහොම වෙයි ද දන්නේ නෑ. දවස් කීයක් ද? සල්ලිත් ඉවරයි අන්තිමේ දී 20,000කුත් ගන්නවා වන්ඩේ කියලා…”

“මේ පෝලිමේ ඉඳලා යන ගමන්. 300ක් ගන්නවා. ඇතුළට ගිහිනුත් පෝලිමේ ඉන්න ඕනේ. ඇතුළට ගියාම කියනවා රිජෙක්ට් කරනවා කියලා. ඇයි යකෝ කලින් කියන්න බැරිද ? කිසිම දැනුවත් කිරීමක් නෑ. දවස් තුනක් පේම්න්ට් එකේ ඉන්නවා ඇතුළට ගියාම කියනවා ලියුමක් ඕනේ කියලා…”

“අපෙන් නේ මෙයාලා හම්බ කරන්නේ. ෆොරින් කරන්සි ඔක්කෝම අපෙන් නේද එන්නේ. දවස් ගාණක් පෝලිමේ තියලා කන්නත් නෑ. රෙස්ට් රූම් එකක් නෑ. විෂය භාර ඇමති දැනගන්න ඕනේ පාස්පෝට් නැතිවෙන්න යනවා නම් ඒකට විසඳුමක් ගන්න… මේක එහෙම දෙයක් නෙමෙයි නේ.”

Related posts

දරුවන්ට අන්තවාදය ඉගැන්වූ හිස්බුල්ලාට යුරෝපයේ රටවල් 8ක සහය

colombotoday

දිවුරුම්දීම ඇරඹෙයි.. දුමින්දගේ, අමරවීරගේ ඇමතිකම් මාරුවෙයි

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin

කෝටි 03ක නිධන් වස්තු විකිණීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

රංජිත් සොයිසා ශ්‍රීලනිප සංවිධායක ධුරයෙක් ඉවතට

colombotoday

යුගදනවි කොටස් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට එරෙහිව පෙත්සමක්

colombotoday