7 April 2025
Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන ඇතැම් මැති ඇමතිවරුන් ආරක්ෂා කරන බවට විමල්ගෙන් මැකො ට එරෙහිව චෝදනා

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ඇතැම් මැති ඇමතිවරුන් ආරක්ෂා කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උත්සහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඊයේ (20)දින අතුරුගිරියේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ගැනීම අගෝස්තු 10 වැනිදා තෙක් නතර කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතාට යොමුකර ඇති ලිපිය පිළිබඳව අදහස් දක්වමිනි.

එහිදි අදහස් දැක්වු විමල් වීරවංශ මහතා පැවසුවේ අපරාධ නීතිය යටතේ යමෙක් වරදක් කර ඇත්නම් ඔහු මැතිවරණ අපේක්ෂකයෙක් වුවත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය තිබෙන බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් විසින් ඉකුත් 15 වැනිදා වැඩබලන පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාට එම ලිපිය යොමු කර තිබේ.

ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා විසින් මැතිවරණ කොමිසමට යොමුකරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවය.

මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදීන් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදී ඇති බවත් එමගින් ඔහු පාස්කු ප්‍රහාරයට හෝ කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට අනාවරණ වී නොමැති බවත්ය.

ඒ අනුව පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බදියුදීන් මහතාගෙන් ප්‍රකාශ ගැනීම අගෝස්තු මස 10 වැනිදා දක්වා කල් තබන ලෙසට මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත.

අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මැතිවරණ කොමිසමේ මෙම තීරණය ජනාධිපති ලේකම්වරයාට සහ නීතිපතිවරයාට ද ලිඛිතව දැනුම් දීමට අපේක්ෂා කරන බවය.

Related posts

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

colombotoday

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin

දානය දීම කුරාණයට පටහැණියි.. මිලිදූව පල්ලියේ දානයට එල්ලවූ ප්‍රහාරය ගැන තව්හිද් ජමාත් ගෙන් අමුතු ලිපියක්…

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday

ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි

Admin