Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට වගකියුත්තන්ට එරෙහිව කතෝලික පියවරු ශ්‍රේෂ්ඨධිකරණයට… අගමැති ඇතුළු 13කට චෝදනා…

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට ක්‍රියාකරමින් වගකීම පැහැර හැරි රජයේ ඉහළපෙලේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට එරෙහිව කතෝලික පියවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කලේය.

සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා, ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා යන පියවරුන්ගේ මූලිකත්වයෙන් මෙම මූලික මිනිස් අයිතිවාසිකම් නඩුව ගොනුකර ඇති අතර මෙයින් ආරක්ෂාව සම්බන්ධව වගකීම් පැහැර හරින ලද රජයේ මැති ඇමතිවරු සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු 13 දෙනෙකු වග උත්තරකරුවන් කර ඇත.

එ් අතර අග‍්‍රාමාත්‍යවරයා, හිටපු පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් රැසක්ද වේ.

නීතිඥ සුනිල් වටගල මහතා මෙම නඩුව ගොනුකල අතර ජනාධිපති නීතිඥ සාලිය පීරීස් මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි.

Related posts

වෙල්ගමත් ජනපති සටනට, ඇප තැන්පත් කිරීම හෙට !

colombotoday

විදුලිබල සැපයුම,ඛණිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

ජාජබ විරෝධයේදී පොලිස් මිලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට

Admin

ගමේ හැමෝම මාලිමා ශාකා සමිතියට ආවොත් රට හදන්න පුලුවන්

Admin

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin