Colombo Today Local News

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචි ඉරේෂා ලක්මාලි නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියාසිටින්නේ ඉකුත් 10 වනදා රාත්‍රී තම නිවසට කඩාවැදුණු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් තම මාස තුනක් වයසැති අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රැගෙන ගොස් රඳවා ගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බව ඇය පෙන්වා දෙයි.

එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු වාර්තාවට අදාල ලේඛන ගෙන්වා  පරීක්ෂණයක් පවත්වා සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

අලුත් ව්‍යස්ථාව ගොඩ දාන්න චන්ද්‍රිකාගෙන් නැවතත් සුදු නෙළුම් !

colombotoday

අනුරාධපුර පාසල් දෙකක් දින නියමයකින් තොරව වසා දමයි.

colombotoday

කැළණි විහාරයේ දායක සභාවෙන් දොට්ට දැමූ රනිල් වික්‍රමසිංහ විහාරාධිපති හිමියන්ට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

වත්මන් ආණ්ඩුව බැරැක්ක රටක් නිර්මාණය කරමින් සිටිනවා. දේශපාලන පළිගැනීම්වලට බය නෑ. – පාඨලී චම්පිකර රණවක

colombotoday

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday