Colombo Today Local News

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

ravi prado

පසුගිය 2015 වසරේදී අඩු මුදලට තක්සේරු කර මෙරටට ගෙන්වන ලද ප්‍රාඩෝ හා ලෑන්ඩ් කෲසර් මොටර් රථ 530ක් කිසිදු රේගු විමර්ශනයකින් සිදු නොකර නිදහස් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙම මෝටර් රථ මෙසේ නිදහස් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා විසින් දුන් ලිඛිත නියෝගයකට අනුව බවද ඒ මහතා පවසා සිටියේය.

අදාළ අක්‍රමිකතාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රැපියල් මිලියන 470 ක් පාඩු වී ඇති බවද ඔහු පවසා සිටියේය.

පසුගිව වසරේ ප්‍රාඩෝ හා ලෑන්ඩ් කෲසර් රථ 930ක් මෙරටට ගෙන්වා ඇති අතර ඉන් 710ක් ම ගෙන්වා ඇත්තේ ඇත්තේ වංචනික ලෙස අඩු තක්සේරු කිරීම මඟින් බවද මෙසේ ගෙන්වන ලද මොටර් රථ 180ක් සම්බන්ධයෙන් රේගු විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කර සිටියේය.

තවද රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විගණන පරික්ෂණ වලදී ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවට ඹහු චෝදනා කර සිටියේය.

එසේම මේ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ පරික්ෂණයක් පවත්වන බවත් එම පරික්ෂණයට බාධා නොකරන ලෙසත් සියලු ඇමතිවරුන්ගෙන් හා මන්ත්‍රීවරැන්ගෙන් දිසානායක මහතා ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධව හෙළිදරව් කරන අවස්ථාවේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටිමුත් මේ සම්බන්ධයෙන් අවේගශීලීව පිළිතුරැ දීමෙන් හෝ කරුණු පැහැදිලි නොකර සිටීමෙන් පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ අවධානය යොමුව තිබේ.

-srilankamirror

Related posts

සෙනග නෑ… මහේෂ් සේනානායක රට වටා රැලි නවත්වයි

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේ

colombotoday

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

රාජ්‍ය සේවකයන්ගේ වැටුපට වෙන්න යන දේ

Admin

යහපාලනයේ අමුතු චන්ඩියා ‘වී අංගොඩ‘.. ජනාධිපතිතුමෝ මේ NGO බත්බැළයන් වහාම බැද දමන්න

colombotoday