Colombo Today Local News

ප්‍රහාරයෙන් දින ගණනාවකට පසු අද ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂා කෙරේ

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම තාරපුරම් හි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක්කළ බව යුද හමුදාව කියයි.

අමාත්‍යවරයාගේ නිවස ඇතුළු තාරාපුරම් හි තුර්කි නගර් නැමති නව මුස්ලිම් ගම්මානය ද ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කළ බව යුද හමුදාව පවසයි.

ඊයේ උදෑසන 06.00 සිට දහවල් 01.00 දක්වා මෙම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම ආරම්භ කළ අතර ඒ සඳහා යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිටියහ.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ තාරාපුරම් නිවස පැය කිහිපයක් විශේෂ සෝදිසියකට ලක්කළ අතර එහි තිබී කිසිදු සැකකටයුතු යමක් සොයාගැනීමට නොහැකිවූ බව යුද හමුදාව සඳහන් කරයි.

තුර්කි නගර් හි නිවාස පරීක්ෂා කිරීමේදි කිණිසි කිහිපයක් සොයාගත් අතර එම කිණිසි වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත බාරදී තිබේ.

යුද හමුදාව පැවසූයේ තුර්කි නගර් හා තාරාපුරම් හි නිවාස 150 අධික සංඛ්‍යාවක් විශේෂ සෝදිසියකට ලක්කළ බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විදේශ ගතව ඇති අතර ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී නිවසෙහි සිට ඇත්තේ සේවකයින් කිහිපදෙනකු පමණක් බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

Related posts

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday

අද සිට ලැබෙන බදු සහන මෙන්න

colombotoday

වන්නි රණවිරුවන් දංගෙඩියට යවන්න LTTE ඩයස්පොරාව හිලරිට සෙට් වෙයි

colombotoday

මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා.. අපි යලි ආණ්ඩු කරනවා

colombotoday

බැදුම්කර කොමිසම මලික් – කබීර්ගෙන් ප්‍රශ්න කරයි !

colombotoday