Colombo Today Local News

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ජනපති එකඟයි

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගේ අවධානය යොමු විය යුතු බව ද ඔහු සඳහන් කළේය.


ජනාධිපතිතුමා මේ අදහස් පළකලේ අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත කි‍්‍රඩාංගණයේ පැවති ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසූයේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ද පැවසීය. දරුවන් මුහුණ දී සිටින ගැටලූ පිළිබඳවිශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමග දරුවන් වෙනුවෙන් රජය කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

තවද  අද මතුව තිබෙන විවිධ සමාජ අභියෝග සමග දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බව ජනපතිවරයා පැවසීය.  වත්මන් දරු පරපුරට එල්ලවී ඇති අභියෝග පිළිබ`ද සෑම ක්ෂේත‍්‍රයකම පු`ථල් සංවාදයක් ඇති කිරීම සහ සාකච්ඡාවට ලක් කිරීම එහි අරමුණ බව ජනාධිපතිතුමා කියා සිටියේය.

Related posts

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

Admin

හිටපු ආරක්ෂක ලේකම් ගුවන්තොටුපළේ රදවාගෙන ප්‍රශ්න කරයි !

colombotoday

13 සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම වෙනස් කරන්නේ නෑ..

colombotoday

ශ්‍රීලනිප කිසිවෙකු පාර්ලිමේන්තුවට නොපැමිණේ.. ඡන්දය දෙනවාද නැද්ද.. තවමත් වැට උඩ !

colombotoday

කලුතර නගරාධිපති අමීර් නසීම් අත්අඩංගුවට

colombotoday