Colombo Today Local News

පලාලි සිට ඉන්දියාව ඇතුළු ආසියා රටවල⁣ට ගුවන් ගමන් ලබන සැප්තැම්බරයේ සිට

පලාලි ගුවන් තොටුපොළේ සිට ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ රටවලට ලබන සැප්තැම්බර් මාසයේ සිට  ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අගෝස්තු මාසයේ පළමුවැනි සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, කොචින්, බැංග්ලෝර් ගමනාන්ත දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

යාපනය පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර රජයෙන් රුපියල් මිලිනය 1950 ක් දල ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300 ක් ද මේ සඳහා යොදවනු ඇති.

ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකයි.

එහි පළමු අදියර යටතේ දැනටමත් ගුවන්යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ඇතිරීමට නියමිතයි.

ව්‍යාපෘතියේ තෙවන අදියරේදී ප්‍රධාන ධාවන පථයේ මුළු දුර වූ කිලෝමීටර් 2.3 ක් දක්වා සම්පූර්ණයෙන්ම ඇතිරීම සිදු කිරීමට නියමිත අතර එම අදියර සම්පූර්ණ කිරීමෙන් පසු ඒ – 320 හා ඒ- 321 වැනි ගුවන්යානා හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති.

Related posts

පාර්ලිමේන්තුවේ ජරමරය ගැන මහින්ද රාජපක්ෂ කතා කරයි

colombotoday

බිත්තර මිල වැඩිවුන එක හොඳයි-කෘෂිකර්ම ලේකම් කියයි

Admin

අක්කාගේ විවාහ මංගල්‍යය දා මල්ලී අවසන් ගමන් යයි

Admin

ප්‍රකාශයක් ලබාදීමට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුන්වන දිනටත් CID කැඳවයි

colombotoday

කච්චතිව් ඉන්දියාවට?

Admin

විදුලි සැපයීම මහා අවුලක. බලාගාර 4 ක විදුලි උත්පාදනය නවතී! – දිනකට පැය කිහිපයක් විදුලිය කපා දැමීමේ සුදානමක්.

colombotoday