Colombo Today Local News

නොවැම්බර් 10ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස්වෙනවා…

ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම අදහස් පළ කර සිටියා.

ඒ අනුව නොවැම්බර් 10 වනදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් තමන් මෙලෙස ඉල්ලා අස්වන බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපතිවරණය කළින් පැවැත් වීම ගැටළුවක් නොවන බවත්, නොවැම්බර් මස 9 වන දින සිට දෙසැම්බර් මස 9 වන දක්වා වු කාලය තුළ එනම් නොවැම්බර් 10 ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වීමට නොහැකි වුවහොත් එයට විරෝධය පළ කිරීමක් ලෙස තමා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් වෙන බව මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කියා සිටියා.

තමාද රටේ පුරවැසියෙක් වන බැවින් එවැනි ප්‍රකාශයක් සිදු කරන බව ද පැවසු දේශප්‍රිය මහතා, තමාගේ හෘද වස්තුවක් මෙම ඡන්දය කල්දැමීම තුළින් වේදනාවට පත්වන බව වැඩිදුරටත් කියා සිටියා.

Related posts

බිල් ගෙවා නෑ.. පාසල් 2700ක නෙට් කපලා දැන් දින 14යි

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැන සජිතුත් කට අරී

Admin

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළට

colombotoday

වල් අලි ගෙවල් බිදිති. | මිනිස් ජීවිත බිලි ගනී. | වන ජීවි නිලධාරින් නිහඩයි.

colombotoday

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin