Colombo Today Local News

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

තීරුබදු රහිතව ආනයනය කළ බවට සැළකෙන කහ කිලෝ ග්‍රෑම් දහසකට ආසන්න ප්‍රමාණයක් කල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.

පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී කල්පිටිය, එරුම්පුකුඩල් ප්‍රදේශයේ ලොරි රථයක තිබී කහ කැබලි කිලෝග්‍රෑම් 998ක් එලෙස සොයාගෙන ඇත.

අදාළ ස්ථානයේ තිබී එම කහ තොගය ගෙන්වූ පුද්ගලයාගේ බවට සැකකළ හැකි ලියකියවිලි කිහිපයක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කහ තොගය සහ එම ලියකියවිලි වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

Related posts

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

සම්බා සහල් කිලෝවක් රු.30කින් හිතුමතේ ඉහළ දාලා

Admin

කරදියාන කසළ අංගනයේ නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

colombotoday

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත ලබා දීම අද සිට

colombotoday

මහනුවරින් ආදර්ශයක්… නගරය පුරා පොස්ටර් ඇලවීම සපුරා තහනම්… පොස්ටර් ඇලවීමට වෙනම දැන්වීම් පුවරුවක් !

colombotoday