Colombo Today Local News

නිශාන්ත ද සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මෙරටට පිටුවහල් කිරීම ස්විස් රජය ප‍්‍රතික්ෂේප කර ඇත.

ස්විස් නඩු අධ්‍යක්ෂ කාර්යාලයේ ආරංචි මාර්ග පැවසුවේ ස්විස් නීති රීති අනුව ඔහු සහ පවුලේ් අය ආපසු ශී‍්‍ර ලංකාවට එවීම තහනම් බවයි.

නිශාන්ත සිල්වාට එරෙහිව ඉන්ටර්පෝල් වරෙන්තුවක් නැති නිසා ඔහු ගැන කි‍්‍රයා කිරීමට ස්විස් පොලිසියට නීතිමය බලයක් ද නැතැයි එම ආරංචි මාර්ග ඊයේ (27 දා) පැවසීය.

මේ අතර ජිනීවා ආරංචි මාර්ග සඳහන් කළේ මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශන නිලධාරීන් පිරිසක් ඊයේ නිශාන්ත සිල්වා හමුවී ලසන්ත වික‍්‍රමතුංග, රගර් කී‍්‍රඩක තාජුඞීන්, කීත් නොයාර්, එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන් යන අයට අදාළ සිදුවීම් ගැන පැය 3 ක් තිස්සේ තොරතුරු ලබාගත් බවයි.

ස්විස් බලධාරීන් නිශාන්ත සිල්වා ඉදිරිපත් කළ කරුණු අනුව ඔහුට සහ පවුලේ අයට එරට දේශපාලන රැකවරණ ලබා දීමට ද තීරණය කර ඇත.

ඔහුගේ දේශපාලන රැකවරණ අයැදුම්පත සුරිච් නුවර සංක‍්‍රමණික මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

Related posts

මොළය මැරුණු සිරුර හදවත් සැත්කමකට ගුවනින් කොළඹට රැගෙන එයි – වෙනත් ශරීරාංගත් බද්ධ කිරීම් වලට දෙයි

Admin

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන ඇතුළු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

මරික්කාර්ගේ දේශපාලන ඇගිලිගැසීම් නිසා සිරස FM නාලිකා ප්‍රධානියා තනතුරට පයින් ගසා ගෙදර යයි

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

colombotoday