Uncategorized

නාද රටා, පාට පාට විදුලි බුබුළු තහනම්… වාහනවලට එන අලුත් නීතිය ජූනි 30 සිට ක්‍රියාත්මකයි…

වාහන වර්ග හතරක හැර අනෙකුත් සියලු වාහනවල සවිකර තිබෙන විවිධ නාද රටා සහිත නළා, විවිධ වර්ණවලින් යුත් විදුලි බුබුළු හා අධික ශබ්දය සහිත කැසට් රේඩියෝ ජුනි 30 වැනිදා වනවිට ගලවා ඉවත් කළ යුතු බව මාර්ග ආරක්‍ෂාව හා රථවාහන පොලිස් දිසාව සඳහන් කරයි.

මෙම නීතිය උල්ලංඝනය කරන රියැදුරන්ට හා වාහන හිමියන්ට ජූලි පළමුවැනිදා සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද එම දිසාවේ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම නීතිය ඩිෆෙන්ඩර් රථ ඇතුළුව දේශපාලනඥයන් ගමන් ගන්නා වාහනවලටද අදාළ බවත්, නීතිය උල්ලංඝනය කළහොත් ජූලි පළමුවැනිදායින් පසු රථය පොලිස් භාරයට ගෙන රියැදුරුට සේම වාහනයේ හිමිකරුටද නඩු පවරන බවත් හෙතෙම පවසා සිටියේය.

ගිලන්රථ, ආපදා රථ, පොලිස් රේඩියෝ කාර් රථ හා ගිනිනිවීමේ රථවලට විවිධ වර්ණ රටා සහිත විදුලි බුබුළු නීතිය හෝ නාද රටා සහිත නළා නීතිය අදාළ නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

එබැවින් ලබාදී තිබෙන සහන කාලය තුළ රියැදුරන් හා වාහන හිමියන් නාද රටා සහිත නළා, විවිධ විදුලි බුබුළු හා අධික ශබ්දය නිකුත් කරන කැසට් රේඩියෝ ඉවත් කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

අධික ශබ්දය හේතුවෙන් වාහනයේ ගමන් ගන්නා අයෙකුට හෝ පදිකයෙකුට හානියක් සිදු වුවහොත් අදාළ නළාව සවිකිරීමට අදාළ දඩමුදලට අමතරව ජනතාවට වන්දි ගෙවීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

ජූලි පළමුවැනිදායින් පසුද මේවා අදාළ රථවාහනවල තිබේ නම්, ඒ පිළිබඳ පැමිණිලි කිරීමට 011-4333333 දුරකථන අංකය ජනතාවට විවෘත කර තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීට අමතරව ජූලි පළමුවැනිදායින් පසු අදාළ නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රට තුළ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ඔහු පවසා සිටියේය.

නාද රටා සහිත නළා ඉවත් කිරීමෙන් පසු තනි නාද රටා සහිත නළා තිබිය හැකි ඩෙසිබල් ප්‍රමාණය පිළිබඳ නීතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

ශබ්දය මැන බැලීමේ යන්ත්‍ර දෙසියයක් පොලිස් ස්ථාන වෙත ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, විවිධ නාද රටා සහිත නළා හේතුවෙන් අනතුරක් සිදු වුවහොත් දඩ මුදල්වලට අමතරව සිරදඬුවම් පවා ලබාදීමට හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

Related posts

කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්

colombotoday

ඩොලරය රුපියල් 300 ආසන්නයට

colombotoday

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin

“කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැහැ බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන්

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

colombotoday