Colombo Today Local News

නාගදීපයට උතුරෙන් තහංචියක් ! නයිනතිව් ලෙස නම් කරන්නැයි උතුරු පළාත් සභාව ජනපතිට කියයි

nagadeepaya - jafnaනයිනතිව් යන දෙමළ නම නාගදීපය යනුවෙන් වෙනස් කර, ප්‍රාදේශීය සිමා නිර්ණය කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එය නැවත නයිනාතිව් ලෙස වෙනස් කර ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවට උතුරු පළාත් සභාව පසුගිය (05) වනදා සියළු මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් යෝජනාවක් සම්මත කරගෙන ඇත.

පළාත් සභාවේ සභාපති කේ.සිවඥානම් විසින් මෙම යෝජනවාව ඉදිරිපත් කර ඇති අතර අදාල නම් වෙනස් කිරීම ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කිරීමට ජනපතිවරයා ඇතුළු පළාත් පාලන හා පළාත් සභා අමත්‍යවරයා වහාම ක්‍රියාත්මක කළ යුතු බවටද එම යෝජනාවේ සදහන් වී ඇත. ඓතිහාසික වැදගත්කමකින් යුත් නයිනතිව් දූපතේ 8 වන කොටස නාගදීපය උතුර ලෙසත්, 12 වන කොටස නාගදීපය දකුණ ලෙසත් නම් කර ඇති බවත් එම නම් නයිනතිව් යන දෙමළ නමට වෙනස් කළ යුතු බව එම යෝජනාවෙන් ප්‍රකාශ කර ඇත.

සිංහල බසින් නාගදීපය ලෙසද, දමිළ බසින් නයිනාතිව් ලෙසද හදුන්වන මෙම දූපත අතීතයේ හදුන්වා ඇත්තේ “නකදිව” නමින් බව වල්ලිපුරම් රන් සන්නස හෙළි කරයි. වසභ රජුගේ (ක්‍රි.ව. 66-110) යුගයට අයත්යැයි සැළකෙන එහි නකදිවෙහි පියගුතනිස විහාරය ඉදිකිරීම පිළිබදව සදහනක්ද වෙයි. එයිනුත් අතීතයට ගොස් බුදුන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වන්නේද මෙම නාගදීපය නමින් මෑතක් වනතුරු ඓතිහාසික මූලාශ්‍රවල සදහන් වූ දිවයිනටය. චූලෝදර මහෝදර නම් වූ නාග ගෝත්‍රික නායකයන් දෙදෙනා අතර මිණි පළගත් හේතුවෙන් එළඹියා වූ යුද්ධයක් දැක එහි වාසීන්ට අණුකම්පා පිණිස බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළබව මහාවංශය සදහන් කරයි.

කෙසේ නමුත් මේ වන විටත් නාගදීපයේ ඓතිහාසික නාග විහාරය මෙන්ම, පැරණි හින්දු කෝවිලක්, ඉස්ලාම් පල්ලියක් සහ කතෝලික පල්ලියක් ස්ථාපිත වී ඇත. උතුරේ දේශපාලකයන්ට නාගදීපයේ නම ප්‍රශ්නයක් වුවද එම දූපත් වාසී බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ජනතාවටනම් දූපතේ නම මෙතෙක් ගැටළුවක් වී නොමැත. ඔවුන් ඉතාමත් සාමකාමීව සහජීවනයෙන් එහි වාසය කරති.

Related posts

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

Admin

සමන් පෙරේරා රෝයල් බීච් සමන් උනහැටි – මිනීමැරුම් චෝදනචෝදනවලට මොකද උනේ? කවුරුත් නොදන්නා කතාව.

colombotoday

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday

ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් 1400ක්, මහින්දගෙන් වචනයක් ඉල්ලා හෝටලයේ බිම ඉදගනී!

colombotoday