Colombo Today Local News

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ අංග දෙකක් ඉවත් කෙරේ

ලබන 20 වැනිදා පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය චාම් අයුරින් අභිමානවත්ව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ් පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපතිවරයා පිළිගැනීමට මීට පෙර පැවති සැමරුම් කිසිවක් මෙවර සිදු නොවන බවයි.

ඒ අනුව පළමු පාර්ලිමේන්තු සැසි වාරයකදී පැවැත්වෙන හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි මෙවර නොපවත්වන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වන ජනාධිපතිවරයා පිළිගැනීමේදී ජය මංගල ගාථා පමණක් ගායනා කිරීම සිදුවන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ. එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් ඇති බවයි.

ඉකුත්දා පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුගේ හැර සෙසු සියළු මන්තී‍්‍රවරුන්ගේ නම් මේ වනවිටත් ගැසට් කර අවසන්. මේ දක්වා නම් කර නැත්තේ එක්සත් ජාතික පක්‍ෂයට හා අපේ ජනබල පක්‍ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්තී‍්‍ර ධුර දෙක පමණයි.

ලබන 20 වනදා වනවිටත් අදාළ මන්තී‍්‍ර ධුර දෙක සදහා පත් කරන්නේ කවුරුන් දැයි ගැසට් මගින් ප‍්‍රකාශයට පත් නොවුණ හොත් එම මන්තී‍්‍ර ආසන දෙක පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදී හිස්ව තැබීමටයි නියමිතව ඇත්තේ.

බන්ධනාගාරගතව සිටින පේ‍්‍රමලාල් ජයසේකර සහ ශිවනේෂතුරෙයි චන්ද්‍ර කාන්තන්ටද පාර්ලිමේන්තු සැසි වාරය සදහා සහභාගිවීමට හැකි බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ. කෙසේවෙතත් අධිකරණයේ අවසරයක් ලබාගැනීම ඒ සදහා අනිවාර්ය වනවා. අධිකරණ අවසරය ලැබුණු පසු පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගිවීමට ඔවුන්ට බාධාවක් නොමැති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ.

මේ අතර රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මරණ දඬුවම නියම වී, ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පේ‍්‍රමලාල් ජයසේකර ඉකුත්දා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ද කර තිබුණා. ඒ, ලබන 20 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා තමන්ට එක්වීමට අවසර ලබාදෙන ලෙසයි.

පේ‍්‍රමලාල් ජයසේකර මේ වනවිට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේයි. ඔහු කළ ඉල්ලීම සම්බන්ධයෙන් උපදෙස් පැතීම සඳහා එය අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවර පළමු වරට පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ ලියාපදිංචිය සිදු කෙරුණේ ඔන් ලයින් ක‍්‍රමයටයි. ඊයේ (15)දින පස්වරුව වනවිට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු මන්තී‍්‍රවරුන්ගෙන් වැඩි පිරිසක් ඔන් ලයින් ඔස්සේ සිය දත්ත සහ තොරතුරු ඇතුළත් කිරීම සිදුකර තිබුණා. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරුන්ගේ වයස් සීමාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල අදහස් පළ කරමින් සඳහන් කළේ,

“අවුරුදු 30ට වඩා අඩු මන්ත්‍රිවරු 05 දෙනෙක් දැනට ප්‍රකාශිත මන්ත්‍රි සංඛ්‍යාවේ සිටිනවා. 21ක් දෙනෙක් අවුරුදු 30ත් 31ත් 40ත් අතර ඉන්නවා. අවුරුදු 41ත් 50ත් අතර 60 දෙනෙක් ඉන්නවා. 51ත් 60ත් අතර 54 දෙනෙක්, 61ත් 70ත් අතර 37 දෙනෙක් සිටිනවා. 71 සහ 80 අතර 09 දෙනෙක්, අවුරුදු 80 සහ 90 අතර 03 දෙනෙකුත් සිටිනවා. සමස්ථයක් ලෙස ගත්තාම අවුරුදු 50ට අඩු සංඛ්‍යාව 87ක් පමණ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.” යනුවෙනි.

පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්

Admin

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

colombotoday

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

ගෝ්ඨාභය අදත් විශේෂ මහාධිකරණයේ…

colombotoday

පොහොට්ටුවේ කුරුණෑගල අපේක්‍ෂකයෙකු ජනපතිට-අගමැතිට අපහාස කරමින් මඩ පත‍්‍රිකා බෙදලා

colombotoday

අධ්‍යාපනයට මුදල් වෙන් කළත් වැඩක් වෙලා නෑ.. ජනපතිගෙන් අකිලට රතු එළියක් !!

colombotoday