Colombo Today Local News

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට එවීම සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 23 දා මුම්බායිහි ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී සිටින ලෙස එම ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් නියෝග කර ඇත.

ඉන්දීය රුපියල් කෝටි ගණනක්‌ වටිනා මෙම පුවක්‌ තොගය නැන්පූර්හිදී අසු වී තිබේ. මේ සිද්ධිය ඉන්දීය බලධාරීන් විසින් රජයට දන්වා ඇත.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ශ්‍රී ලංකා රජයෙන් ලබාගත් බලපත්‍ර මත එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පුවක්‌ අපනයනයේ යෙදී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගම් මඟින් පුවක්‌ තොග ඉන්දියාවට හොර රහසේ අපනයනය කරන බව ඉන්දීය ආදායම් බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දිලිප් සිවාරේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට අපනයනය කරන පුවක්‌ සඳහා සියයට 108 ක බද්දක්‌ අය කෙරේ.

මේ අතර ඉන්දීය මාධ්‍ය දක්‌වන්නේ එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කර ව්‍යාජ සමාගම් ස්‌ථාපිත කර ඇති බවකි.

– divaina

Related posts

සිසුන්ට මත් ගුලි අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

colombotoday

[Video] මෛත්‍රීගේ ‘පුලතිසි ප්‍රශස්තිය’ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මහින්ද නමින් ගැයෙයි

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

ජල මූලාශ්‍ර වැනසීමේ වාර්තාව යහපාලනයට !

colombotoday

හරීන් මහා ඉඩම් මංකොල්ලයක

Admin