Colombo Today Local News

දොස්තර සංගමයත් වර්ජනයකට සැරසෙයි !

වැටුප් විෂමතා ඉවත් කරන තුරු අන්තර්කාලීන දීමනාවක් ඉල්ලා සිටිමින් තිබියදී දීමනාවක් ලබාදී තවතවත් වැටුප් ගැටළු ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දීමනා ලැබිය යුතු පුද්ගලයින්ට දීමනා ලබාදිය යුතු බවත්, එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ වැටුප් විෂමතාවයක් බවත්, එය විසඳීමට කටයුතු නොකර දීමනාවක් ලබාදීම අල්ලසක් බවට පත්වන බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍යඨ නවින්ද සොයිසා මහතා අද (02දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මේ නිසා ගැටළුව විසඳා ගැනීමට ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් පිළිතුරු ලබාදෙන බවත්, ඒ පිළිබඳව තීරණයක් ගැනීමට හෙට (03දා) දින සංගමයේ විධායක සභාව රැස්වන බවද කියා සිටියේය.

Related posts

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

Admin

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

colombotoday

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

colombotoday

අදත් විදුලි කප්පාදුවක්

colombotoday

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

පාර්ලිමේන්තුවේ නව සැසිය දා 272,000ක තේ බිල ජනපති ගෙවයි

colombotoday