සමගි ජන බලවේග රජයක් යටතේ අති දුෂ්කර ජීවිත ගත කරන දුප්පත් ජනතාවට මසකට රුපියල් විසි දහසක දීමනාවක් ලබාදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඒ සඳහා ජනසවිය සමෘද්ධිය අස්වැසුම යන සහනාධාර ක්‍රමවේදයන්හි ඇතුළත් හොඳ ගුණාංග සියල්ල ඇතුලත් කරන බවද හෙතෙම කියා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (26) දින පැවති ජන හමුවක් අමතමිනි.