Colombo Today Local News

දිවිදුන් විරුවන්ට ගෞරවය පුදකිරීමටනම් අනාගත පරපුරට සමෘද්ධිමත් දේශයක් උරුම කර දෙන්න – කථානායක නිදහස් දින පණිවුඩය

ඉතිහාසය පුරාම මිනිස් නිදහස අහිමි කළ බලවේග නිර්මාණය වූයේ ද මිනිසුන් අතරින්මය.   විටෙක අනේකවිධ වධ බන්ධන හා බලහත්කාර යටපත් කිරීම් ද තවත් විටෙක නොයෙකුත් වරප්‍රසාද වරදාන මගින් ආත්මාර්ථය සංතර්පනය කිරීම්ද එහිදී යොදා ගනු ලැබූහ. 

එම සියල්ල හමුවේ ස්වකීය කශේරුකාව නොනැමූ හෘද සාක්ෂියට දැනෙන නිවහල් යුක්තිගරුක හැඟීම් වෙනුවෙන් පෙනී සිටි උදාර මිනිසුන් නිදහසේ පීතෘවරුන් වෙති.

සැබැවින්ම එම උතුම් මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්ගේ ප්‍රතිඵලය වන  නිදහස යම් දේශයකට ජන සමාජයකට හෝ පුද්ගලයෙකුට අතිශයින්ම ආශ්වාදනීය ගෞවරනීය හැඟීමකි. එම හැඟීම මූර්තිමත් කරමින් ජාතික නිදහස සමරන මේ මොහොතේ රටක් ජාතියක් ලෙස අප විසින් ජය ගත යුතු අභියෝග පිලිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගැනීම අතවශ්‍ය වෙයි.  අනාගත පරපුරට වඩාත් නිදහස් සමෘද්ධිමත් දේශයක් උරුම කර දීමත් නිදහස උදෙසා ඉතිහාස වංශ කථාව පුරාම ස්වකීය දිවි පූජා කළ විරුවන්ට නිසි ගෞරවය පුද කිරීමත් කළ හැක්කේ  එවන් ප්‍රවේශයක් තුලිනි.  

නිරන්තර දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ගත යුතුව තිබේ.  නිර්මාණශීලිව නව ඉසව් හඹා යමින් ස්ථීරසාර ආර්ථික සමෘද්ධියක් අත්පත් කර ගත යුතුව තිබේ.  ජාතික, ආගමික, සංහිඳියාව එහි පදනම බවට පත් වීම අත්‍යවශ්‍යය.

මත් උවදුරින් නිදහස් වීමෙහි ලා  රට පුරා විහිදුනු පුළුල් මෙහෙයුමකට සමාජයේ සියළු බලවේග පෙළ ගැසිය යුතු මොහොත එළඹ තිබේ.  කිසි ලෙසකින්වත් අතපසු කළ ‍නොහැකි එම ඉලක්ක ජය ගැනීමට මෙම නිදහස් සමරුවේ දී සමස්ත ශ්‍රී ලාං‍‍කේය ජාතියේම අධිෂ්ඨානය යොමු වේවාය යන්න මගේ පැතුමයි.

Related posts

හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා – බැසිල් රාජපක්‍ෂ

colombotoday

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

colombotoday

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

colombotoday

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

colombotoday

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

colombotoday