Colombo Today Local News

දෑත් පිරිසිදු කිරිමේ දියර නිෂ්පාදනය කළ තැනක් වටලයි

කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් දෑත් පිරිසිදු කිරිමේ දියර නිෂ්පාදනය කළ තලංගම ප්‍රදේශයේ ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරින් එක්ව මෙම වැටලීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

මෙහිදී ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇත.

එහිදී මිලිලීටර් 500 බෝතල් 1422ක්, ලීටරයේ බෝතල් 140ක්, රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් සාදන ලද අත්සෝදන දියර ලීටර 04 බැගින් වූ ගැලුම් 17ක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

කොරෝනා ගැන දැනුම් දෙන්නේ හමුදාපති අද රටේ තියෙන්නේ හමුදා පාලනයක් – රංගේ බණ්ඩාර

colombotoday

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 24වන යුද හමුදාපති ධූරයට පත් කෙරේ

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

Admin

බ්‍රිතාන්‍යයෙන් ඉවත දැමූ ගුවන් යානා දෙකක් කෝටි 710කට ගන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැරසෙයි

colombotoday

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday