Colombo Today Local News

දැන් ජනපතිගේ ප්‍රතිපත්ති ප‍්‍රකාශනය වෙනස් වෙමින් පවතින බව අතුරලියේ රතන හිමි කියයි

පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම් දෙස බලන විට හිටපු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම නැවත පත් නොකළ යුතු බව බොහෝ දෙනාගේ මතය වී ඇතැයි ද ඒ නිසා පසුගිය වර ගත් එම වැරදි තීරණය නිවැරැදි කර ගැනීමට ජනතාව මෙවර මහ මැතිවරණය අවස්ථාවක් කර ගත යුතු යැයි ද අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

අතුරලියේ රතන හිමියෝ එසේ පැවසුවේ ගම්පහ සාකෙත උත්සව ශාලාවේ පැවති අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක නීතිඥ නන්දන ශ‍්‍රී කාන්ත මහතාගේ මංගල ජන හමුවේදීය.

අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ,

මෙවර ජනාධිපතිවරණයේදී අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහය ලබා දුන්නා. ඒ අනුව එතුමා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා. අපි එසේ සහාය ලබා දුන්නේ මේ රටේ ගල් අඟුරු බලාගාර වෙනුවට සූර්ය ශක්තිය යොදා ගැනීම හා වස විසෙන් තොර ගොවිතැන යන මගේ ප‍්‍රතිපත්ති දෙක එතුමා පිළිගෙන එය එතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් කළ නිසයි. නමුත් දැන් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වෙනස් වෙමින් පවතින බවක් අපට පෙනෙනවා.

අපි එහෙම කියන්නේ ගල් අඟුරු බලාගාරයක් ඉදි කරන්නට පසුගිය දිනක කැබිනට් තීරණයක් ගෙන තිබූ නිසයි. ඵය වැරදියි. මේ ගැන අපි අධිකරණයට යෑමට පවා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ගැන අපි සටන් කරනවා. ගල් අඟුරු බලාගාරවලින් පරිසරය දුෂණය වෙනවා. මේ බව වටහා ගෙන ලෝකයේ බොහෝ රටවල් දැන් ගල්අඟුරු බලාගාර ඉවත් කර ගෙන යනවා. නමුත් වත්මන් රජය ගල්අඟුරු බලාගාර මේ රටට ගෙන එන්නට කටයුතු කරනවා. අද ගල්අඟුරු ගෙන්වන්නට විශාල මුදලක් වැය කරන්නට රජයට සිදු වී තිබෙනවා. මේ රටේ ජල විදුලිය හා සූර්ය ශක්තිය දියුණු කළහොත් පිටරටට ඇදී යන එම මුදල ඉතිරි කර ගැනීමට හැකි වෙනවා.

මේ රටේ වස විසෙන් තොර ගොවිතැන දියුණු කළොත් මිනිසාගේ ආයු කාලය වැඩි වෙනවා. ජනතාව නිරෝගී සම්පන්න පිරිසක් බවට පත් වෙනවා. නමුත් වස විස යොදා ආහාර ගැනීමෙන් වකුගඩු රෝග හා පිළිකා රෝග වැළඳීමට තිබෙන ඉඩකඩ වැඩියි. ගෙවතුවල කාබනික පෝර යොදා වවන ඵළවළු හා පලතුරු ලබා ගන්නට මුදල් වැයවීම අඩුයි. එසේ වවන එළවළු හා පලතුරු අතිරික්තය සාධාරණ මිලකට ජනතාවට ලබා දෙන්නට හැකි වෙනවා. ඒ සඳහා ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් අප පක්ෂය සතුව තිබෙනවා.

මෙවර අප පක්ෂයෙන් නීතිඥයින්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයින්, සමාජ සුබසාධනවල නියැලී සිටින්නන්, වියතුන් වැනි උගත් පිරිසක් ඉදිරිපත් කර තිබෙනවා. එම අපේක්ෂකයින් ගැන ජනතාවට විශ්වාසය තැබීමට හැකියි. අද යූඇන්පිය බෙදීලා. එය දේශපාලන බෙදීමක් නෙමෙයි. ප‍්‍රතිපත්ති මත බෙදීමක් නෙමෙයි. එය නායකත්වයට කුලල් කා ගැනීමක්. ජේවීපියට තැනක් නැහැ. ඒනිසා අපි තීරණාත්මක බලවේගය බවට මේ මැතිවරණයේදී පත් විය යුතුයි.

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

විශ්වාසභංගයේදී අගමැතිවරයා ආරක්ෂා කරනවා. ජනපතිගෙන් එජාපයට පොරොන්දුවක්

colombotoday

ජවිපෙ දෙමළ සන්ධානය සමග ෆෙඩරල් මාවතේ..! යාපනේදී ඒක්වී මැයි දිනය සමරයි…!

colombotoday

මූණ වසාගෙන විභාගෙ ලියන්න ඇවිත්.. ශාලාධිපතිනිය නීතිය අකුරටම කරයි.. දෙමව්පියෝ උරණවෙති

colombotoday

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

Admin

කොච්චිකඩේ පල්ලිය අසලින් හමුවූ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි…

colombotoday