Colombo Today Local News

දාගැබ උඩ නැග අවමන් කළ අයට නීතිය කෝ… නිතිය සිංහලනම් පමණද? සමාජ මාධ්‍යයෙන් දැඩි විරෝධයක්

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දාගැබක් මත නැගි ඡායාරූප ගත් මුස්ලිම් ජාතික තරුණ පිරිසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විරෝධතාවයක් පැන නැගි තිබෙනවා.

මෙලෙස අනුරාධපුරයේ පිහිටා තිබෙන පෞරාණික දාගැබක් මත නැගි ඡායාරූප ගත් පිරිස අතර අග්නිදිග සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසක්ද සිටින බවයි හෙළි වි ඇත්තේ.

මෙලෙස පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන හා ආගමික ස්ථානයකට අගෞරව කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව වගකිවයුතු අංශ ක්‍රියාත්මකවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වි නැති අතර, නීතිය ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට පමණක්දැයි බොහෝ දෙනෙකු ප්‍රශ්නකර ඇත.

මීට ටික කලකට පෙර පිදුරංගල විහාරය දෙසට පසුපස හරහා නිරුවතින් ඡායාරූප ගත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා සේ මෙම පුද්ගලයන්ටද නීතිය ක්‍රියාත්මක කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

Related posts

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න අධිකාරියක්

Admin

දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

Admin

යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි, පොළොන්නරු ගමන හදිස්සියේ අවලංගු කරයි

colombotoday

විශ්වාසභංගය මේ සතියේ.. අගමැති රනිල් තුන් පැත්තකින් හිරවේ…

colombotoday

පරිසර පනතට නව වගන්ති 42ක් | මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවෙයි. ප්‍රා.දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම නිලධාරින් ද පරිසර හානි පසුපස සිටින බව නොරහසක් – මහින්ද අමරවීර

colombotoday

කෙලවරපිටිය ග්‍රීඩ් උප පොළේ සිට නුගපේ දක්වා විදුලි රැහැන් අදින්න කැබිනට් අනුමැතිය

Admin