Colombo Today Local News

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කුඩා දරුවන් ඇතුළු පිරිසක්‌ බේරා ගැනීමට උත්සාහ කළ මාදම්පේ පොලිසියේ නිලධාරියකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස්‌ මරුමුවට පත් වී ඇත. ඊයේ (25 වැනිදා) පෙරවරු 11.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මාදම්පේ පොලිසියට අනුයුක්‌තව සිටි 29 හැවිරිදි ඒ. සම්පත් නමැති පොලිස්‌ කොස්‌තාපල්වරයෙකි.

මියගිය පොලිස්‌ නිලධාරියා ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි අවිවාහකයකි.

බිංගිරිය ප්‍රදේශයේ වැවක පස්‌ බැම්ම බිඳී යැමෙන් පසු මාදම්පේ ගල්මුරුව ප්‍රදේශය ජලයෙන් යටවී ඇත. ගල්මුරුව ගල්වළ පාර ප්‍රදේශයේ නිවසක කුඩා දරුවන් ඇතුළු පිරිසක්‌ කොටුවී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ එහි ගොස්‌ තිබේ.

මේ අවස්‌ථාවේ පොලිස්‌ කොස්‌තාපල් සම්පත් මහතා ජලයේ කොටු වී සිටින දරුවන් ඇතුළු පිරිස බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු ජල පහරට හසු වී ගහගෙන ගොස්‌ ඇත.

පොලිස්‌ නිලධාරියා බේරා ගැනීමට මාදම්පේ පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

පොලිසිය, නාවික හමුදාව සහ යුද හමුදාව පැය කීපයක්‌ තිස්‌සේ කළ මෙහෙයුමකින් පසු පොලිස්‌ නිලධාරියාගේ සිරුර සොයා ගැනීමට හැකි විය.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කුමාරපේලි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වෙයි.

Related posts

අපේ කතිර පොජ්ජෙන් සජිත් හුරා මන්දු කරන්නවා – වැද්දෝ 5ක් ගෙන්වා එජාපයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

colombotoday

පොලිස් අධිකාරිවරුන් 5ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට.

Admin

රජය විසින් ආරම්භ කල එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාධනීයයි – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ

Admin