Colombo Today Local News

දරුවකු යොදාගෙන ඇෆ්ගන් ත්‍රස්‌තයෝ මංගල උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌

නැගෙනහිර ඇෆ්ගනිස්‌තානයේ විවාහ මංගල උත්සවයක සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ සඳහා කුඩා දරුවකු ත්‍රස්‌තවාදීන් විසින් යොදවාගෙන තිබේ.

 මෙම ප්‍රහාරයෙන් පස්‌දෙනකු මියගොස්‌ හතළිස්‌දෙනකු තුවාල ලබා තිබේ.

 හැන්ගහාර් පළාතේ පචිරගාම් ප්‍රදේශයේදී මෙම බෝම්බ ප්‍රහාරය සිදුව තිබේ.

රජයට සහාය දක්‌වන ආයුධ සන්නද්ධ කණ්‌ඩායමක නායකයකු ඉලක්‌ක කරගෙන මෙම බෝම්බ ප්‍රහාරය සිදුව තිබේ.

 මෙම ප්‍රදේශයේ අයි. එස්‌. ත්‍රස්‌තයන් අතිශය ක්‍රියාකාරීය. තලෙයිබාන් ත්‍රස්‌තයන් හා ඇµaගන් රොස්‌ නියෝජිතයන් අතර සාකච්ඡා ආරම්භ වී තිබියදී මෙම ප්‍රහාරය සිදුව තිබේ. 

එසේම තලෙයිබාන් ත්‍රස්‌තයෝ 18 වසරකට ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකා එක්‌සත් ජනපදය සමඟ ද සාකච්ඡා ආරම්භ කර තිබේ.

Related posts

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

මේ දිනවල මාගේ ග්‍රහචාරය උච්චයි… මා ජනපතිවීම ස්ථීරයි !

colombotoday

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

තෙවැනි නිදහස් අරගලය ඇරඹීමට සූදානම්.. නායකත්වය මහින්දගෙන්

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday

තෙල් ටැංකි ගනුදෙනුවත් සමග ඉන්දියාව ත්‍රිකුණාමලේට ඇතුළු වෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

colombotoday