Colombo Today Local News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද යළි විවෘත කෙරුණේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා මෙම මධ්‍යස්ථානය විවෘතව තැබෙන අතර සවස 6.00 සිට 8.00 දක්වා එහි විෂබීර හරණ කටයුතු සිදුකිරීමටයි තීරණය කර තිබෙන්නේ.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට කටයුතු සම්පාදනය කෙරුණා. මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවලු තොග විශාල වශයෙන් එම මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතිනවා.

මේ අතර ගොවීන්ගේ අතිරික්ත එළවළු නිශ්පාදන රජය මඟින් මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මෙම කටයුතු ආරම්භ කෙරුණේ දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත් වීම මත ඇලහැර මැදරිගිරිය හා හිගුරක්ගොඩ යන ප්‍රදේශවලින් ඊයේ දිනයේ දී පමණක් එළවළු කිලෝග්‍රෑම් පනස් දහසක් මිලදී ගැනුණා. තම අස්වැන්න මෙසේ අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දීම විශාල සහනයක් බවයි ගොවීන් පවසන්නේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ද මාළු තොග විශාල වශයෙන් ලැබී තිබුණා. මාළු මිල ගණන්ද සාමාන්‍ය පරිදී පවතින අතර මිලදී ගැනීම සඳහා වෙළෙදුන් විශාල වශයෙන් පැමිණ සිටින බවයි එම සංකීර්ණ නිලධාරීන් සඳහන් කළේ. මාළු තොග වැඩිවශයෙන් ලැබීමට පටන් ගැනීමත් සමඟ මාළු මිල අඩුවීමේ ප්‍රවණතාවක් ද ඉදිරි දිනවල ඇතිවිය හැකි බව එම නිලධාරීන් වැඩිදුරටත් පවසනවා.

Related posts

රාජ්‍ය ඇමතිනී විජයකලා ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි

colombotoday

මහර තිබූ පෙති ගැන විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පියවර

colombotoday

පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්

Admin

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

ගලගොඩාත්තේ ඥානසාර හිමියෝ විප්ලව කාරයෙකු නොවේ – කෝට්ටේ මහා නායක හිමි අවධාරණය කරති

colombotoday

IMF විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද

Admin