Colombo Today Local News

දකුණු මුහුදේ මසුන් මැරීම තහනම්!

1404202383fishing-boats_indian-ocean_sri-lankaදකුණු මුහුදු තීරයට අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ලක් කඩාවැටීමට නියමිත බැවින් එළැඹෙන 13 වෙනිදා දකුණු මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙස ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ධීවරයින්ට දැනුම් දී තිබෙනවා.

13 වෙනිදා දහවල් 11.50ට පමණ ගාල්ලට කිලෝමීටර් 65ක් දකුණින් වන මුහුදු ප්‍රදේශයට මෙම සුන්බුන් කැබැල්ල කඩාවැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර 13 වෙනිදා උදෑසන 10.50 සිට පස්වරු 12.50 දක්වා එම ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙස ආචාර්ය චන්දන ජයරත්න මහතා ධීවරයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර එම කාලය තුළ දකුණු මුහුදු තීරයේ ගුවන් කලාපය ද තහනම් ගුවන් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Related posts

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

colombotoday

මරාගෙන මැරෙනු කර්නල් කිට්ටු නැමති ත්‍රස්තයාගේ අනුස්මරණ උද්‍යානයට පිවිසෙන දොරටුව ගිනිබත් වෙයි.

colombotoday

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

colombotoday

ගෝඨගේ ටී පාටියටත් වඩා වියදම් වුණ අනුරගේ ටී පාටිය

Admin

ජනතාව දුන් ආධාර, නිලධාරීන්ටත් තග දමා බලෙන් අරන් ගිහින්… තමන්ගේ වගේ බෙදපු මන්ත්‍රී මෙන්න

colombotoday

‘අගමැතියි, ග්‍රාමසේවකයි දෙන්නම හොරු රකිනවා.. ජනතාවට කෙළවුනා‘ – රන්ජන් (Video)

colombotoday