Colombo Today Local News

තොග වශයෙන් කේරළ ගංජා බෙදු යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අල්ලයි

එප්පාවල හා ඒ අවට ප‍්‍රදේශවලට තොග වශයෙන් කේරළ ගංජා බෙදු බව කියන යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, එප්පාවල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ ක්‍ෂණික මෙහෙයුමකදීයි.

සැකකරුවන් විශේෂයෙන් සකසන ඇසුරමක බහා ගංජා කිලෝග‍්‍රෑමයකට අධික ප‍්‍රමාණයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත.

එම කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වන බවයි පොලීසිය පවසයි. සැකකාර යුධ හමුදා කෝප‍්‍රල්වරයා කල්ලඩි ප‍්‍රදේශයේ් යුද හමුදා කඳවුරක සේවය කරන අයෙකු බවට අනාවරණ වී තිබේ.

Related posts

ඊජිප්තු ජාතික අරාබි පාසල් ගුරුවරයෙක් මාදම්පේදී අත්අඩංගුවට…

colombotoday

සේවා දිගුවක්වත් නොදී කමල් ගුණරත්න රණවිරුවා ගෙදර යැව්වේ දෙමළ ඩයස්පොරාව සතුටු කිරීමටයි

colombotoday

අද දිවයින පුරා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

නිජබිම සංකල්පය මත ඉදිරිපත්වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ප්‍රතිපාදන 8ක් !

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

මන්ත්‍රී පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම

colombotoday