Colombo Today Local NewsTop Stories

තෙල්දෙණිය ගැටුමට හේතුවූ ලොරි රියදුරු ඝාතනයේ සැකකාර මුස්ලිම් 4ට ඇප

පසුගිය පෙබරවාරි මස විසි හතර වැනි දින මධ්‍යම රාත්‍රියේදී තෙල්දෙණිය කරල්ලියද්ද නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධනහලකදී ලොරි රථ රියැදුරකු වන හතළිස් එක් හැවිරිදි එක්දරු පියකුට පොලුවලින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට
පත්වීමේ සිද්ධිය පිළිබඳව කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් හතර දෙනා තෙල්දෙණිය අධිකරණයේදී දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිණි.

සිද්ධියේ සිවුවැනි සැකකරු තෙල්දෙණිය අධිකරණයේදී මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා රුපියල් දස දහසක මුදල් ඇපයක් මත හා රුපියල් ලක්ෂ පහක පිළිගත් ශරීර ඇප තුනක් ඇතුළු දැඩි කොන්දේසි දහයක් මත පෙරේදා එකළොස්වන දින ඇප නියෝග ක්‍රියාත්මක කෙළේය.

පළමුවැනි, දෙවැනි හා තුන්වැනි සැකකරුවන්ට පසුගිය හය වැනි දින පන්විල සංචාරක අධිකරණයේදී තෙල්දෙණි වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ ආර්.එම්. සමන් රත්නායක මහතා ඉදිරියේදී මහනුවර මහාධිකරණයෙන් නියෝග කළ එම ඇප නියෝග කියවා දීමෙන් අනතුරුව දැඩි කොන්දේසි මත පන්විල සංචාරක අධිකරණයේදී මුදා හැරිණි.

මහාධිකරණයෙන් ක්‍රියාත්මක කළ මෙම ඇප නියෝග මත මුදාහරින ලද සැකකරුවන් හතර දෙනාට ලබන වසරේ මැයි මස විසිවැනි දින යළි අධිකරණයේ පෙනී සිටීමටත් මෙදින නියෝග කළේය.

මෙම පුද්ගලයන් හතර දෙනා පසුගිය පෙබරවාරි මස විසි හතරවැනි දින රාත්‍රියේදී අධික ලෙස බීමතින් ගොස් එම ඉන්ධන හලේ නතර කර තිබුණ ලොරි රථයේ සේවය කළ රියැදුරාට එල්ල කරන ලද පහරදීම්වලින් බරපතළ ලෙස තුවාල ලැබූ තෙල්දෙණිය අම්බාලේ පදිංචිව සිටි එම්.ජී.පී. කුමාරසිංහ නමැති හතළිස් එක් හැවිරිදි එක් දරු පියකු සතියක පමණ කාලයක් මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාර්තු මස පළමු වැනි දින ජීවිතක්ෂයට පත්විය.

මෙම සිද්ධියේදී එම ලොරි රථයේ සේවය කළ රිය සහායකයාද තුවාල ලබා රෝහල් ගතව සිටියේය.

මෙම සැකකරුවන් හතර දෙනා කලක් සැඟවී සිටියදී තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

මෙම සිද්ධිය පිළිබඳව මහාධිකරණයෙන් නියෝග කළ ඇප නියෝග මත දැඩි ඇප කොන්දේසි සහිතව ඇප ලැබුවේ දිගන අඹගහලන්ද හා බලගොල්ල යන ප්‍රදේශවල පදිංචි අබ්දුල් රශ්මි රොෂාන්, මොහොමඩ් අස්තාර්, ඒ.එන්. මොහමඩ් සිතාර් හා සදන් මොහමඩ් මුනාර් අමුර් යන සැකකරුවෝ හතර දෙනාය. තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීය.

Related posts

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin

බදියුදීන්ගේ කට වසමින් ඇමරිකන් ගිණුම ගැන පොලිසියට පැමිණිලේ කෙරේ

colombotoday

“ජෝන් ඇමති වත්තල මංතීරුව කැඩුවේ අතයට ගණුදෙනුවකට” – නිමල් ලංසා හෙළිකරයි

colombotoday

ඓතිහාසික වරදක් නිවැරදි වෙයි.. කැප්පෙටිපොළ ඇතුළු 18ක් ජාතික විරුවන් ලෙස නම් කෙරේ

colombotoday

තරුණයෙකු ලුහුබැඳ කපා කොටා ඝාතනය කල හැටි සීසීටීවී කැමරාවේ…

Admin