Colombo Today Local News

තැපැල් ඡන්ද විමසීම සාමකාමී – මැතිවරණ කොමිසම

තැපැල් ඡන්ද විමසීම පැවති කාල සීමාව ඉතා සාමකාමී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පසුගිය සතියක කාලය තුළ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙවර මහ මැතිවරණයට අදාළව රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට පසුගිය සඳුදා සිට ලබා දී තිබූ නිල කාලය ඊයේ (17)දින්ස් පස්වරු 04.00න් අවසන් කෙරුණි.

කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළදීත් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළ දී ද තැපැල් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතියි.

මේ අතර මේ දක්වා මහ මැතිවරණයට අදාලව පැමිණිලි 3516ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පමණක් මෙම පැමිණිලි ලැබී ඇති අතර ඉන් පැමිණිලි 2732ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබු ඒවා බව සඳහන් වේ.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 784ක් ලැබී ඇති බව ද සඳහන් වේ.

Related posts

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin

මන්ත්‍රී ගෝරියේදී කඩා දැමූ මයික්‍රෆෝනයේ වටිනාකම ලක්ෂ 3යි.. මහජන මුදලින් අලාභය පියවයි…

colombotoday

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

මහනුවර ඇසළ පෙරහැරේ විදුලි බිල ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin

අමාත්‍යාංශ වියදමට ෆොන්සේකා කෝටි 59ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday